ස්පාඤ්ඤය සහ එංගලන්තය අතර පැවැති වයස අවුරුදු 21න් පහළ යුරෝ කුසලානයේ ශූරතාව හිමි කරගැනීමට එංගලන්තය සමත් විය. ඒ ස්පාඤ්ඤය ගෝල 1-0ක් ලෙස පරාජය කරමිනි.

බටුමිහි පැවති අවසන් මහා තරගයේදී එංලන්ත ක්‍රීඩක Curtis Jones 45+4 මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේය. තරගයේ වාර්තා වූ එකම ගෝලය එය වූ අතර, ඒ අනුව තරගය නිමාවූයේ 1-0 ලෙස එංගලන්තය ජය ගනිමිනි.

එංගලන්තය 1984 වසරෙන් පසුව වයස අවුරුදු 21න් පහළ යුරෝපීය ශූරතාවක් දිනා ගත්තේ ප්‍රථම වරටයි.