වයඹ දිග කුර්ගා නඟරයේදී නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් සාපරාධී පැහැර ගැනීම් කල්ලි විසින් පැහැර ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස 8ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් සහ ගුරුවරයෙක් මෙලෙස පැහැර ගෙන ගොස් ඇත.

පැහැර ගැනීම සිදුවූ මොහොතේ සාපාරාධී පැහැර ගැනිම් කල්ලි විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් එක් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැහැරගත් සිසුන් සොයා එරට ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

පසුගිය කාලය පුරාම නයිජිරියාව තුළ මෙවැනි පැහැර ගැනීමේ සිදුවීම් වාර්තා වූ අතර මෙම සිදුවීම මෑත කාලීනව සිදුවූ ප්‍රධාන සිදුවීමකි.