ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයන් කිපදෙනෙක්ම එක් එක් කණ්ඩායම් සමග ඍජුවම ගිවිසුම්ගත වී තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් යාපනය කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇති අතර, පාකිස්තාන නායක බාබර් අසාම් කොළඹ කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වී තිබේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ මැතිව් වේඩ් දඹුල්ල කණ්ඩායම සමගින්ද, බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් ගාලු කණ්ඩායම සමගින්ද, දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි මහනුවර කණ්ඩායම සමගින්ද ගිවිසුම්ගත වී ඇත.

මීට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඒ ඒ කණඩායම් සමග ඍජුවම ගිවිසුම්ගත වී තිබේ.
මෙරට ක්‍රීඩකයන් අතරින් වනිඳු හසරංග හා ඇන්ජෙලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇත.

දසුන් ශානක හා භානුක රාජපක්ෂ ගාලු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම්ගත වී ඇත්තේ දඹුල්ල කණ්ඩායම සමගයි. මතීෂ පතිරණ හා චාමික කරුණාරත්න කොළඹ කණ්ඩායම සඳහාද, තිසර පෙරේරා හා මහීෂ් තීක්ෂණ යාපනය කණ්ඩායම සදහාද ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

එලෙස ඍජුවම කණ්ඩායම් සමගින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් පහතින් දක්වා තිබේ.

LPL Direct Signing

Colombo Strikers

Babar Azam
Matheesha Pathirana
Naseem Shah
Chamika Karunaratne

Dambulla Aura

Mathew Wade
Kusal Mendis
Lungi Ngidi
Avishka Fernando

Galle Gladiators

Shakib Al Hasan
Dasun Shanaka
Tabraiz Shamsi
Bhanuka Rajapaksa

Jaffna Kings

David Miller
Thisara Perera
Rahmanullah Gurbaz
Maheesh Theekshana

Kandy Falcons

Mujeeb Ur Rahman
Wanindu Hasaranga
Fakhar Zaman
Angelo Mathews

 

කවිඳු කාරියවසම්