පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කලේය.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පළාත් පාලන ආයතනවල සිටින 8400ක පමණ වූ සේවකයින් ප්‍රමාණය සඳහා කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට එහිදී අවධානය යොමු වූ බවයි.