ශ්‍රී ලංකාවට යළි නැගී සිටීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවෘත කරන බව කොරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ  සහා අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අතර සෝල් අගනුවර ඊයේ පැවති හමුවේදී මෙය සාකච්චා කළ බවයි සදහන් වන්නේ.

ඒ අනුව කෘෂිකාර්මික, ඉදිකිරිම් හා වෙනත් කර්මාන්ත සඳහා ලබාදෙන රැකියාවලට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පවතින බවද කොරියානු අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.