දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා ඇත.

ඒ අනුව එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව ඇමතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

මේ අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද ඔහු එම පණිවිඩයේ දක්වා ඇත.

නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන මෙම කාලසීමාවේදී අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න