අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල අඩු කෙරෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

එහිදී 12.5kg සිලින්ඩර‍යක මිල 135 කින් අඩු වන අතර, එහි නව මිල සඳහන් අවන්නේ රු. 4,115ක් ලෙසයි.

මේ අතර 5kg සිලින්ඩර‍යක මිල රු.55 කින් අඩු වන අතර, එහි නව මිල සඳහන් වන්නේ රු.1,652ක් ලෙසයි.

එමෙන්ම, 2.3kg සිලින්ඩරයක මිල රුපියල් 23 කින් අඩුවී එහි නව මිල රුපියල් 772 දක්වා පහත දමා ඇති බවයි එම සමාගම නිවේදනය කරන්නේ