ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9ක මිල පහළ දැමීමට කටයුතු කර ඇත.

සුදු සීනි සහ දුඹුරු සීනි මිල රුපියල් 5කින් ඒ අනුව අඩුකර ඇති අතර රුපියල් 650ක්ව පැවති ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 100කින් අඩුකර තිබේ.

මෙයට අමතරව රතු කව්පි රුපියල් 52කින් ද සුදු කව්පි ක්‍රිලෝග්‍රෑමයක් රුපියල් 50කින් අඩු කර ඇත.

රුපියල් 670ක්ව පැවති බාස්මතී සහල් ක්‍රිලෝග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර රතු ළූණු ක්‍රිලෝග්‍රෑමයක් අඩුකර ඇත්තේ රුපියල් 10කිනි.

සෝයාමීට් ක්‍රිලෝග්‍රෑමයක පැවති මිල රුපියල් 600ක් වූ අතර එහි මිල රුපියල් 5කින් පහත දමා තිබේ.

ලංකා සතොස ආයතනය සඳහන් කළ සිටියේ දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයෙන් එම භාණ්ඩ මිලදී ගත හැකි බවයි.