උඩරට හා පහතරට එළවළු වර්ග රැසකම මිල ගණන් අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ දිනයේදී ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් මිල රුපියල් 150ත් 250ත් අතර අඩු අගයක සටහන් විය.

බෝංචි තොග මිල රුපියල් 300 අගයක් ගත් අතර කැරට් මිල රුපියල් 430 ඉක්මවා ගොස් තිබුණේ නැත.

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නුවර එළියේ ගෝවා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 480ක් ලෙස සටහන් විය. ඒ අනුව ගෝවා මිලෙහි අඩුවීමක් දක්නට නොලැබුණි.

එම ආර්ථික මධ්‍යස්ථානයේම ආනයනික ලොකු ලුණු තොග මිල 450ත් 480ත් අතර අගයක සටහන් විය.