පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත.

ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් සඳහන් කරනු ලැබූවේය.

වෙළඳ අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් ය.

මේ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳුදා දිනයේ පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.